පොලීසියක 16කට කොවිඩ්

infections PCR test narahenpita covd19 vennappuwa
By Sewvandhi Aug 03, 2021 05:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම පොලීසිනයේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත.

එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව නව අසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඒ අතරට පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු, පොලිස් සැරයන්වරුන් 07 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු සහ ආහාර පාන පිසීම සිදුකළ කාන්තාවද අයත්ය.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now