දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

Report

දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතව සිටි පරිවාස කාලය නිසි ලෙස සම්පූර්ණ නොකළ සේවකයන් 150 දෙනකු එකවර සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් සේවා නිසි පරිදි පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් ඇතිවී ඇති බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන බව වාර්තා වේ.

ඒ අනුව දුම්රිය ස්වශක්ති සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් මහතා පවසා ඇත්තේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු බොහෝමයක් පැවතියදී වසර ගණනාවක් පළපුරුදු ශ්‍රමිකයන් ඉවත් කිරීම කාලෝචිත නොවන බවයි.

එසේම 2014 වසරේදී ආදේශක කම්කරුවන් වශයෙන් බඳවාගත් මෙම සේවකයින් 2019 වසරේදී වසර තුනක පරිවාස කාලයකට යටත්ව ස්ථිර කළ බවත්, එසේ පරිවාස කාලය සම්පූර්ණ කළ නොහැකි වූ සේවකයින් 150 දෙනකු දුම්රිය කාර්මික, ඉලෙක්ට්‍රික්කරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ස්ථිර නොමැතිව රාජකාරි කළ බවත් ඔහු සඳහන් කර ඇත.

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

එබැවින් වයස අවුරුදු 60 ඉක්මවූ දුම්රිය සේවකයන්ටද අවශ්‍යතාව මත සේවා දිගු ලබාදෙන පසුබිමක දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ පළපුරුදු මෙම සේවකයින් 150 දෙනා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාමාර්ගයක් බවද මොවුන් සම්බන්ධයෙන් සහනදායී තීරණයක් ගන්නැයි තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බවද ඔහු පවසා ඇත.  

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට