15 හේ දැරිය 20000ක් දීල කුටියටම ගෙන්නගෙන(VIDEO)...10 වරක් දැරිය සමග ලිංගිකව එක් වූ හිමිණම.

Police Monk Internet 15 online sexual girl
By Aruna Jul 09, 2021 05:43 AM GMT
Aruna

Aruna

Report

අන්තර්ජාලය මගින් 15 හැවිරිදි දැරියක සිය ලිංගික කටයුතු සඳහා මුදලට ලබාගැනීමේ සිද්ධියේ හය වැනි සැකකරු වන කැලණිය ඊරිවැටිය ලුම්බිණි විහාරයේ විහාරාධිපති කෑගල්ලේ ප්‍රඥා විශුද්ධි හිමියන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය අනාවරණය කරගෙන තිබේ.

50 හැවිරිදි වියේ පසුවන එම චීවරධාරී සැකකරු, අන්තර්ජාලය ඔස්සේ දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළකරන ලද වෙබ් අඩවියට පිවිසී දැරියගේ ජංගම දුරකථන අංකයට, සිය ජංගම දුරකථනයේ වට්ස්ඇප් මගින් ඇමතුම් ලබාගෙන ඇතැයි පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ.

අදාළ 15 හැවිරිදි දැරියට චීවරධාරි සැකකරු රාත්‍රි 9න් පසු එලෙස ඇමතුම් ලබාගෙන තිබෙන බවත්, රාත්‍රි කාලයේ අවස්ථා තුනකදී එම දැරිය සැකකරු රැඳී සිටින කුටිය වෙත රුපියල් 20,000 බැගින් ගෙවා රැගෙන විත් තිබෙන බවත්, ළමා හා කාන්තා කාර්යංශය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

නමුත් සැකකාර චීවරධාරියා අවස්ථා 10කදී පමණ දැරිය ලිංගික කටයුතු සඳහා මුදලට ලබාගෙන ඇති බවට පොලිසියට වාර්තා වී ඇත. ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වනු ලබයි.

අදාළ දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සැකකාර චීවරධාරියා පිළිබඳව අනාවරණය වූ බවත්, දැරිය අන්තර්ජාලය මගින් මුදලට ලබාගත් සැකකරුවන් අතරින් වැඩිම වාර ගණනක් දැරිය ලබාගෙන ඇත්තේ මෙම සැකකාර චීවරධාරියා බවත් පොලිසිය කරන ලද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

දැරිය සිය ලිංගික කටයුතු සඳහා ලබා ගැනීමේදී ගෙවන මුදල්වලට අමතරව සැකකාර චීවරධාරියා සන්තෝසම් වශයෙන් දැරියට වෙනම මුදලක්ද අතට ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.

එම 15 හැවිරිදි දැරියගේ ජංගම දුරකථන අංක සැකකාර චීවරධාරියා විසින් භාවිත කරන ලද දිනපොතෙහි සටහන් කර තිබූ බව දන්වා සිටි පොලිසිය, ඒ පිළිබඳව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම දැරියගේ දුක සැප බැලීම සඳහා අදාළ දුරකථන අංකය සටහන් කර තිබූ බව පැවසුවේ යැයිද දන්වා සිටියා.

සැකකාර චීවරධාරියා මීට ඉහතදී අධිකරණ මගින් ඇප නියම කර තිබූ අතර සැකකරු තවත් හිමිනමක් සමග කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (7 වැනිදා) පැමිණ සිටියා.

මේ ඇතුලු වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha