ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අක්‍රමිකතාවය ගැන හෙළිදරව්වක් - දයාසිරි ජයසේකර කට අරී
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදල් ගෙවීමේදී රුපියල් කෝටි අට හමාරකට අධික මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ චෙන්නායි ශාඛාවෙන් ඩුබායි අලෙවි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ මාසික මුදලක් (2026 පෙබරවාරි මාසයේ) මෙලෙස වැරදීමකින් වෙනත් බැංකුවකට යොමු කර ඇති බවයි.
එමෙන්ම මෙම ගිණුම පවතින්නේ එමිරේට්ස් එන්.බී.ඩී පීජේසී බැංකුවේ බවත් නමුත් මුදල් වැරදීමකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නායි ශාඛාව විසින් අදාළ මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකු ගිණුමකට බැර කර ඇති බවත් ඔහු පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩිරාම් නව ලක්ෂ හැත්ත හතරදහස් පනහක මුදලක් මෙලෙස වංචාවකට ලක්ව ඇති අතර එය රුපියල් කෝටි අට හමාරකට අධික ප්‍රමාණයක් බවයි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ එම මුදල් එකතුකර ගැනීමට නොහැකිව මේ වනවිට විශාල අර්බුදයක් නිර්මාණය වි ඇති බවයි.