එන්න එන්නම ලංකාවේ ආර්ථිකය පහළට - සංචාරක පැමිණීම අඩුවෙයි
මෙම වසරේ අප්‍රේල් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 135,643 ක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත්, එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව පහළ යාමක් බව වාර්තා වේ.
පසුගිය වසරේ එම මාසයේ මෙරටට සංචාරකයින් 174,608 දෙනෙකු පැමිණ ඇත.
එමෙන්ම, සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 876,277 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.