පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා

covid19 infections parliament mangala samaraweera gajendran
By Sithumi Aug 17, 2021 11:36 AM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන තිබෙනවා.

ඒ අද සිදු කළ අහඹු පරීක්ෂණ 275කින්. පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟයි පාර්ලිමේන්තුව තුළ අද අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබුනේ.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ද මෙලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළා.

එමෙන්ම අද දින සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් තම බිරිඳ සහ දියණිය සමඟ පරීක්ෂණ සඳහා යොමු වූ අවස්ථාවේ තිදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මන්ත්‍රිවරයා පවසයි.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ තමා ඇතුළු පවුලේ සාමාජිකයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට ස්වයං නිරෝධායනයට යොමු වී කොවිඩ් පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලීමක් කරයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

- - - - - - -- - - - -- - -- - - - -- - - - - - 

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now