පොසොන් සතියට වසා දැමෙන පාසල් මෙන්න - සති අන්තයේ සිටම ක්‍රියාත්මකයි

Report

පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහක්(12) අනිද්දා (26) සිට ලබන ජූලි 02 දක්වා වසා තැබෙන බව උතුරුමද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත මහජනතාවගේ සහ ප්‍රභූ ආරක්ෂාව සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ තාවකාලික නවාතැන් ස්ථාන වශයෙන් යොදවා ගන්නා බැවින් මේ පාසල් වසා තැබෙන බවයි

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා ඇත මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලිඛිතව අනුමැතිය ලබාදෙමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

 මේ අනුව අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකාව, විවේකානන්ද, වලිසිංහ හරිශ්චනද්‍ර, මහා බෝධි, දේවානම්පියතිස්ස , නිවන්තක චේතිය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය යන පාසල් මෙන්ම ගලෙන් බිඳුණු වැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලයේ මහා විදුහල, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලය කනිෂ්ඨ විද්‍යාලයද මේ සතිය පුරා වසා තැබෙයි.

බයික් පදින තරුණයින්ට පොලිසියෙන් රතු නිවේදනයක්- පොසොන් සමයේදී සෙල්ලම් දැම්මොත් බයික් එකත් ඉවරයි

බයික් පදින තරුණයින්ට පොලිසියෙන් රතු නිවේදනයක්- පොසොන් සමයේදී සෙල්ලම් දැම්මොත් බයික් එකත් ඉවරයි

මෙයට අමතරව පොසොන් සතිය පුරා අනුරාධපුර තන්තිරිමලය මිහින්තලය යන ප්‍රදේශවල සිද්ධස්ථාන ආශ්‍රිත සුරාසල් සතියක් වසා තැබෙන අතර දිස්ත්‍රික්කයේ මස්කඩ සහ මාලු අලෙවිසල් පොසොන් සතිය තුළ වසා තිබෙන බවයි පොසොන් කමිටුව දන්වා සිටිනු ලබයි