භානුකගේ සුපිරි අර්ධ ශතකයෙන් ජැෆ්නා කිංග්ස්ට කඩුලු 5ක ජයක්

Report

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සිව්වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කළ ජැෆ්නා කිංග්ස් සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 130කට සීමා විය.

එහිදී පවන් රත්නායක ලකුණු 27ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 23ක් රැස් කළ අතර, ජැෆ්නා කිංග්ස් පන්දු යැවීමේදී ට්‍රවීන් මැතිව් ලකුණු 19කට කඩුලු 3ක්, ලිසාඩ් විලියම්ස් ලකුණු 14කට කඩුලු 3ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 12කට කඩුලු 2ක් බිඳ හෙළීය.

ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ජයග්‍රහණය තහවුරු කළේය.

නායක භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 61ක් රැස් කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන ශිල්පියා බවට පත්වූ අතර, ඉබ්‍රාහිම් සද්රාන් ලකුණු 21ක දායකත්වයක් ලබා දුන්නේය. දඹුල්ල සික්සර්ස් වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

LPL ආරම්භක තරගයෙන් ගෝල් ගැලන්ට්ස් සුපිරි ජයක් වාර්තා කරයි

LPL ආරම්භක තරගයෙන් ගෝල් ගැලන්ට්ස් සුපිරි ජයක් වාර්තා කරයි

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු විශිෂ්ට ජයක්

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු විශිෂ්ට ජයක්