ඩොලරය ස්ථාවර වෙද්දි අද රුපියලට වුණ දේ - ලංකාවෙම බැංකුවල මිල ගණන් මෙන්න

Report

ඉකුත් සිකුරාදා දිනට සාපේක්ෂව අද (20) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇති අතර, බොහෝ බැංකුවල විකුණුම් අනුපාතය රු. 340 ක් ලෙස සටහන් වෙයි.

ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.75 සහ රුපියල් 341.00 ලෙස නොවෙනස්ව තිබෙනවා.

එසේම NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.60 සිට රුපියල් 331.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.60 සිට රුපියල් 340.75 දක්වා ඉහළ ගොස් ඇත.

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.76 ක් වශයෙන් නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.58 ක් ලෙසද නොවෙනස්ව පවතින බව සඳහන්.

මේ අතර කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.30 සිට රුපියල් 330.05 දක්වා පහත වැටී ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 340.00 ක් ලෙස නොවෙනස්ව ඇති බවයි.

එසේම සම්පත් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.50 සිට රුපියල් 331.75 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.50 සිට රුපියල් 340.75 දක්වා ඉහළ ගොස් ඇත.

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

Gallery