වන්දනා ගමන් තහනමක් පිළිබඳ සමාජ මාධ්‍ය කළඹන පුවතක් සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක්

Report

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් දඹදිව සහ තායිලන්තයට ආගමික වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රචාර කම්කරු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.

ඒ අනුව අඳාළ ප්‍රකාශය මුළුමනින්ම ගොතන ලද එකක් බව අමාත්‍යාංශය පෙන්වා දෙන අතර, අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කිසි විටෙකත් කර නොමැති බව ද අවධාරණය කර ඇත.

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

එබැවින් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දන්වා ඇත්තේ මෙම අසත්‍ය වාර්තාව පටු දේශපාලන අරමුණු ඇති කණ්ඩායම් විසින් පතුරුවා හරින බවත්, ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලනික සහ ආගමික සහජීවනය අඩපණ කිරීමට උත්සාහ කරන බවත්ය.

ඒ අනුව "මෙවැනි පහත් මට්ටමේ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපගේ කණගාටුව සහ දැඩි හෙළා දැකීම ප්‍රකාශ කරමු," යනුවෙන් අමාත්‍යාංශය සිය නිවේදනයේ දක්වා ඇත.

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

අඳාළ නිවේදනය පහතින්,

Gallery