නොගෙවා පැහැර හැරියොත් ඉවරයි - බදු වංචා සහ පැහැර හැරීම් නිසා ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම සංශෝධන කරයි

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විත්ව බදු අය කිරීම වැළැක්වීමේ ගිවිසුම අවභාවිත කරමින් සිදුකරන බදු වංචා සහ බදු පැහැර හැරීම් වැළැක්වීම සඳහා අදාළ බදු ගිවිසුම සංශෝධනය කිරීමට ඉන්දීය මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව දෙරට අතර සංශෝධිත ප්‍රොටෝකෝලය මෙම වසරේ පසුගිය ජුනි 19 වන දින සිට බලාත්මක කරන ලද බව එම අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා. එසේම සංශෝධිත ප්‍රොටෝකෝලයේ විධිවිධාන 2027 අප්‍රේල් 1 වන දින සිට උපයන ආදායම සඳහා ඉන්දියාවේදී අදාළ වන බව සඳහන්.

මෙම සංශෝධනය ඔස්සේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් 'ප්‍රධාන අරමුණු පරීක්ෂාව' නමැති බදු විරෝධී නීතිමය රාමුව දෙරට අතර ගිවිසුමට ඇතුළත් කර ඇති අතර ඒ ඔස්සේ කිසියම් ආයෝජනයක හෝ ව්‍යාපාරික ගනුදෙනුවක ප්‍රධාන අරමුණ සැබෑ වාණිජ කටයුත්තකට වඩා බදු සහන ලබා ගැනීම පමණක් බව පෙන්නුම් කරන්නේ නම්, අදාළ බදු සහන අහෝසි කිරීමට ඉන්දීය බදු බලධාරීන්ට පූර්ණ බලතල හිමි වන බව සඳහන්.

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

එහි ප්‍රධාන අරමුණ වූයේ නියමිත බදු ගෙවීම්වලින් මිදීමට හෝ අඩු බදු ප්‍රතිශතයන් ලබාගැනීමේ අරමුණින් සිදුකරන කපටි ව්‍යාපාරික ව්‍යූහයන් වැළැක්වීමයි.

මේ අතර මූල්‍ය හා නීති ක්ෂේත්‍රයේ විදෙස් විචාරකයෝ පෙන්වා දෙන්නේ සැබෑ ආර්ථික හා වාණිජමය පදනමක් සහිත ව්‍යාපාරික ගනුදෙනු වෙනුවෙන් පමණක් ද්විත්ව බදු සහන හිමිවන බව තහවුරු කිරීම මෙමඟින් සිදු කෙරෙන බව‍යි. 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට.. ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් ප්‍රබලයෙක් කට අරී

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට.. ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් ප්‍රබලයෙක් කට අරී

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි