බස් අනතුරුවලට තිත තියන්න යන වැඩේ - සැප්තැම්බර් සිට පාරට බහින අලුත් නිලධාරීන් මෙන්න

Report

මෙරට පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලය ස මෙම ක්‍රියාවලිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කරයි .

මෙරට පොදු ප්‍රවාහනයේදී සිදුවන රිය අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින විවිධ දුර්වලතා බව පෙන්වා දෙන ඒ මහතා මේ පිළිබඳව අවධානය යොමු කරමින් පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගන්නා බවද සඳහන් කර තිබේ.

රටම නොසන්සුන් කරමින් ජීවිතක්ෂයට පත් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද යන්නම යයි - පොලිස් ගෞරව එක්ක අවසන් කටයුතු අද

රටම නොසන්සුන් කරමින් ජීවිතක්ෂයට පත් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද යන්නම යයි - පොලිස් ගෞරව එක්ක අවසන් කටයුතු අද

   ඒ මහතා සඳහන් කළේ මෙම තත්ත්ව පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බවයි

අදාළ බඳවා ගැනීම්වලින් පසු සැප්තැම්බර් අග වන විට මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් පැවසූ ඒ මහතා ඒ අනුව මෙරට පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම රථවාහනවල තත්ත්ව පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කරයි.