සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අද (20) දින නැගෙනහිර පළාතට මෙන්ම කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අවවාදාත්මක බව සඳහන්.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය මිනිස් සිරුරට “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.
එබැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා ඇති අතර වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙස අඳාළ නිවේදනයේ දැක්වේ.
ඊට අමතරව අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයෙන් වැඩිදුරටත් දන්වා ඇත.
ලෝක ප්‍රකට ලයනල් මෙසීට ඒ ගෞරවයත් අහිමි වෙයි - ලෝක කුසලාන රන් සපත්තුව සම්මානය යළිත් දිනා ගනිමින් කයිලියන් එම්බැපේ මෙසී අභිබවා යයි
