ගොවි ජනතාවට විශාල සහනයක් ගෙන දෙමින් තල්දෙන වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

Report

ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයේ පිහිටි තල්දෙන මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර පෙර කිසිදු අවස්ථාවක නොලැබුණු මට්ටමේ ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

වවුනියාවේ ජනතාව බලාසිටි සිහිනය සැබෑ කරමින් පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

වවුනියාවේ ජනතාව බලාසිටි සිහිනය සැබෑ කරමින් පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

ඔහු මේ බව ප්‍රකාශ කළේ තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ මෙම වාරි පද්ධතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාව සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහයෝගයෙන් කඩිනමින් තාවකාලිකව යථා තත්ත්වයට පත් කර තිබිණි.

එමඟින් 2026 ජනවාරි මාසයේ සිට ගොවි බිම් සඳහා යළි ජලය නිකුත් කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා පැවසීය.

තාවකාලික පිළියම්වලින් ඔබ්බට ගොස් දිගුකාලීන විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙම ස්ථීර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 1,227ක මුදලක් වෙන් කර ඇත.

ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු අක්කර 350ක පමණ වගාබිම් සඳහා නිසි ජල සැපයුමක් තහවුරු කිරීමට හැකි වන අතර, ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට එය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය සහ ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයට නව පෙරළියක් කරමින් සූර්ය බලයෙන් දුවන නිවාස සංකිර්ණයක්

ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයට නව පෙරළියක් කරමින් සූර්ය බලයෙන් දුවන නිවාස සංකිර්ණයක්