වවුනියාවේ ජනතාව බලාසිටි සිහිනය සැබෑ කරමින් පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

Report

වවුනියාව දිස්ත්‍රික්කයේ වෙංගලසෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරියකට්ටු ග්‍රාම නිලධාරී වසමේ ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ අරමුණින් ඉදිකළ පෙරියකට්ටු ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය පසුගිය 17 වැනිදා ජනතා අයිතියට පත් කෙරිණි.

ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 31ක මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය හරහා පෙරියකට්ටු ගම්මානයේ පවුල් 185කට නව ජල සම්බන්ධතා ලබාදී තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් – ජූලි මුල් දින පහළවට 90,122ක් ශ්‍රී ලංකාවට

සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් – ජූලි මුල් දින පහළවට 90,122ක් ශ්‍රී ලංකාවට

එමෙන්ම, ගනේෂපුරම් ඇතුළු අවට ගම්මාන කිහිපයක පවුල් 400කට ආසන්න සංඛ්‍යාවකට සුරක්ෂිත පානීය ජලය සැපයීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් හැකියාව ලැබෙන බව ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රදේශවාසීන්ගේ දිගුකාලීන සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවට විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, එමඟින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව ගැන විදේශ විශ්වාසය ඉහළට - සතියකදී බැඳුම්කරවලට ඩොලර් මිලියන 23ක්

ශ්‍රී ලංකාව ගැන විදේශ විශ්වාසය ඉහළට - සතියකදී බැඳුම්කරවලට ඩොලර් මිලියන 23ක්