හොරණ “සෙනෙහසේ කැදැල්ල” ගිනිබත් වෙයි - මව්පියන් 11ක් අළු වෙයි, 3ක් අතුරුදන්

Report

පොලිසිය පවසන්නේ හොරණ බටගොඩ “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ ඊයේ(03) සවස හටගත් ගින්නකින් වැඩිහිටියන් 11 දෙනකු පමණ මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව  පොලීසිය පවසයි.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන වෙනත් ස්ථානයකට යොමුකර ඇත.

ගින්න හටගත් අවස්ථාවේ එම මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ රැඳී සිට ඇති අතර, ඔවුන් අතර මානසික ආබාධ සහිත පුද්ගලයින් ද සිට ඇති බව වාර්තා වේ.

රටම කම්පා කළ හොරණ වැඩිහිටි නිවාසය තවත් කළඹමින් ගින්නෙන් මියගිය ගණන ඉහළට - අධ්‍යක්ෂවරයාත් අත්අඩංගුවට -

රටම කම්පා කළ හොරණ වැඩිහිටි නිවාසය තවත් කළඹමින් ගින්නෙන් මියගිය ගණන ඉහළට - අධ්‍යක්ෂවරයාත් අත්අඩංගුවට -

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් පිළිස්සුණු පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් එක් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවයි.

ගිනිනිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්න හේතුවෙන් මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව සඳහන් වේ.

දරුණු ඛේදවාචකයක් - වැඩිහිටි නිවාසයක ගින්නක් - පිරිසක් රෝහලේ

දරුණු ඛේදවාචකයක් - වැඩිහිටි නිවාසයක ගින්නක් - පිරිසක් රෝහලේ

සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, අනතුරුව මළ සිරුරු ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ. 

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත