දකුණු මුහුද කළඹමින් සොයාගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් 10දෙනාට දින 7ක රැඳවුම් නියෝග

Report

දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සහ ආයුධ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

  නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් හා ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබූ තවත් ධීවර යාත්‍රාවක් සිය භාරයට ගන්නා ලදි .

බහුදින යාත්‍රා ජාවාරමේ තොරතුරු හෙළි වෙයි

බහුදින යාත්‍රා ජාවාරමේ තොරතුරු හෙළි වෙයි

ඉන්පසුව ඉකුත් 12 වනදා දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.

මෙහිදී අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය හා ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ලෝකෙම විනාස කරන්න හදන ට්‍රම්ප් - ඇමරිකාවෙන් තෙල් ජිවනාලියට දරුණු ප්‍රහාරයක්

ලෝකෙම විනාස කරන්න හදන ට්‍රම්ප් - ඇමරිකාවෙන් තෙල් ජිවනාලියට දරුණු ප්‍රහාරයක්

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326ක් සන්තකයේ තබාගැනීම, ආනයනය හා ජාවාරම් කිරීම, පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී56 අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබල දීම යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

  මෙලෙස හමුවූ කිලෝග්‍රෑම් 654ක පමණ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධික බව සදහන්ය