අධික උණුසුම හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ 10කට වැඩි පිරිසක් මරුට...
By Parami Dissanayake
ඊයේ (30) ගත වූ පැය 24 තුළ අධික උණුසුම හේතුවෙන් ඇති වූ රෝගාබාධ නිසා පුද්ගලයින් 10කට වැඩි පිරිසක් උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ මියගොස් ඇත.
ඒ, ඔඩීෂා ප්‍රාන්තයේ රුර්කෙලා ප්‍රදේශයේ රජයේ රෝහලක මරණ දහයක් වාර්තා වූ බව බලධාරීන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම, තවත් මරණ කිහිපයක් බිහාර්, රාජස්ථාන් සහ ජාර්කන්ඩ් ප්‍රාන්තවලින් මෙන්ම අගනුවර වන දිල්ලිවලින් ද වාර්තා වී තිබේ.