මෙදා පොටේ නම් ලේසි වෙන්නේ නෑ..ආණ්ඩුවෙන් පොලිස් මූලස්ථානයට විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Police Sri Lanka Government Of Sri Lanka
By Piyumika Jan 19, 2025 02:27 AM GMT
Piyumika

Piyumika

Report

අපරාධ මැඬලීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව නිලධාරින් 10,000 ක් බඳවා ගන්නා ලෙස ආණ්ඩුව පොලිස් මූලස්ථානයට දැනුම් දී තිබේ.

අදින් ඇරඹෙන සාම හසරැල්ල..

අදින් ඇරඹෙන සාම හසරැල්ල..

පොලිස් නිලධාරින් විශ්‍රාම යෑම, ඇතැම් පොලිස් නිලධාරින් සේවයේ නිරත වී සිටියදී විවිධාකාර රෝගාබාධ හේතුවෙන් මිය යෑම වැනි කරුණු මත ඉදිරියේදී ඇතිවන පොලිස් නිලධාරින්ගේ හිඟයට පිළියමක් ලෙස මෙලෙස නව නිලධාරින් බඳවා ගන්නා ලෙස ආණ්ඩුව පොලිස් මූලස්ථානයට උපදෙස් දී තිබේ.

මේ වන විට පොලිස් සේවයේ 75,000 ක පමණක් සේවයේ නිරත වී සිටින බවත්, ඒ අතරින් 2024 වසරේදී පමණක් විවිධ රෝගාබාධයන්ට ලක්වී නිලධාරින් 241 ක් මියගොස් තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ...මේ ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දීමක් ...

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ...මේ ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දීමක් ...

මේ වන විට පොලිස් නිලධාරින්ගේ 22,000 ක පමණ අඩුවක් තිබෙනවා. ඊට එක් පියවරක් ලෙස විශේෂ ආරක්ෂක දිසාවල එනම් වී.අයි.පී. රාජකාරිවල නිරත වී සිටි පොලිස් නිලධාරින් 2000 ක් පමණ රජය සාමාන්‍ය රාජකාරිවලට මුදා හැර තිබෙනවා.

පොලිස් ස්ථානවල සාමාන්‍ය රාජකාරි කටයුතු නිවැරදිව කරගෙන යෑමට එය විශාල සහනයක් වුණා’’ යැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ ය.

You may like this video

ReeCha