තුවක්කු 03ක් පත්‍තුවෙයි..02ක් මරුට..එක් අයෙකුට බරපතලයි..
Police
Sri Lanka
Thirappanee
By Aruna
වන සතුන් ඝාතනය කිරිම සදහා අටවා තිබූ බඳින තුවක්කු දෙකක් පත්තුවිමෙන් දෙදෙනකු එම ස්ථානයේම මිය ගොස් තවත් එක් අයෙක් තුවාල ලබා ඇතැයි තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි අයෙකු සහ 51වන වියේ පසුවන පුද්ගලයෙකුයි.
තිරප්පනේ මුරියාකල්ල වැවට දිය පානය කිරිමට එන වන සතුන් ඝාතනය කිරිමට යන අවස්ථාවේදි වෙනත් දඩයක්කරවකු වැව් පිටියේ අටවා තිබු බඳින තුවක්කු දෙකක් පත්තු විම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා.
පුද්ගලයින් තිදෙනෙකු එකට ගමන් කර ඇති අතර දෙදෙනෙකුට වෙඩි වැදීමෙන් පසු අනෙක් පුද්ගලයා ගම්වාසීන්ගේ උදව් ඉල්ලීම සඳහා ගොස් නැවත වෙනත් මාර්ගයකින් පැමිණෙමින් සිටියදී තවත් බඳින ලද තුවක්කුවක් පත්තුවී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |