තවත් බිහිසුණු නාය යෑමක්..02ක් අතුරුදන්..අයෙක් බේරා ගැනේ.
Sri Lanka
Kegalle
By Aruna
කෑගල්ල හත්නාගොඩ ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනකු ඊට යටවි ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
ඉන් එක් අයකු මේ වන විට කෑගල්ල රෝහලට රැගෙන ආ අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මර්ග පවසයි.
පස්කන්දට යටවූවන් සොයා යුද හමුදාව සහ සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කරන බවද වාර්තා වෙයි.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ මිය ගියා.
මෙම අනතුරෙන් මව සහ අට හැවිරිදි සහ දාහතර හැවිරිදි දියණියන් දෙදෙනා මියගියා.
එමෙන්ම පියා දැඩි ලෙස අනතුරට ලක්ව රෝහල් ගත කෙරුණා.
පියා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සොයා ගන්නා ලද සිරුරු රඹුක්කන මහ රෝහලට රැගෙන ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
