ඉන්දියාව පරදා සිම්බාබ්වේ පිළට ජය...

By Parami Dissanayake Jul 06, 2024 03:38 PM GMT
Report

අද (06) පැවැති සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 13කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේ ය.

සියලුම ආබාධිතයන්ට ඡන්දය ලබා දීමේ පහසුකම්...

සියලුම ආබාධිතයන්ට ඡන්දය ලබා දීමේ පහසුකම්...

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කළේ ය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Clive Madande නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර Dion Myers ලකුණු 23ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Ravi Bishnoi කඩුලු 04ක් දවාගත්තේ ය.

මෙවර පොලී රහිත ශිෂ්‍ය ණය සිසුන් දසදහසකට...

මෙවර පොලී රහිත ශිෂ්‍ය ණය සිසුන් දසදහසකට...

ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.

ඒ අනුව, තරග 03කින් සමන්විත 20යි 20 තරගාවලිය 1 - 0ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.