මෙවර පොලී රහිත ශිෂ්‍ය ණය සිසුන් දසදහසකට...

By Parami Dissanayake Jul 06, 2024 02:42 PM GMT
Report

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම සඳහා පිරිනැමෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් දසදහසකට පමණ අවස්ථාව ලබා දීමට නියමිතව ඇත.

දයාසිරිගෙන් පැමිණිල්ලක්...

දයාසිරිගෙන් පැමිණිල්ලක්...


මෙතෙක් රුපියල් ලක්ෂ අටක් වූ ණය මුදල මෙවර සිට උපරිමය රුපියල් ලක්ෂ පහළොවක් වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ ඒ පාඨාමාලාව අනුව ලැබෙන ණය මුදල වෙනස් කෙරෙන අතර ලැබෙන අවම ණය මුදල රුපියල් නව ලක්ෂයකි.

අඛණ්ඩ උපවාසයක් කිරීමට ඉම්රාන් ඛාන් සුදානමින්...

අඛණ්ඩ උපවාසයක් කිරීමට ඉම්රාන් ඛාන් සුදානමින්...

ණය මුදල පියවීම ආරම්භ කළ යුතු වන්නේ පාඨමාලාව අවසන් කර වසරක සහන කාලයකින් පසුව වන අතර එය පියවීමේ කාලය වසර හතකි.

කිසිදු පොලීයක් සිසුන්ගෙන් අය නොකෙරෙන අතර එම පොලීය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙවනු ලැබේ.