කොල්ලෝ පිස්සු වට්ටන්න මම හරි ආසයි, ලංකාවේ කෙල්ලොන්ට මාව පෙන්න බැරි වුනාට කොල්ලෝ මට හරි ආදරෙයි-යුරේනි නොෂිකා (PHOTOS )
සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, හඬකැවීම් ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ.
ඒ වගේම කියන්න තියෙන දේ කෙළින්ම කියලා දමන ඇය ලංකාවෙ කොල්ලො කෙල්ලො අතර හරි ජනප්‍රිය චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ දවස්වල මුණගැහෙන්නේ ගජමෑන් අන්දවන්න යන ස්වීටිගේ චරිතයෙන් වගේම ‘යාළුවෝ ද යාළුයි ද’ සිනමා පටයේ ලුකාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ගජමෑන් නම් මේ වෙනකොට අතිවිශාල ලෙස ප්‍රේක්‍ෂක ආදරයට පාත්‍රවෙලා තිබෙනවා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ‘යාළුවෝ ද යාළුයි ද’ කියන්නේ ලංකාවේ ප්‍රථම ෆැෂන් චිත්‍රපටය වගේම ගජමෑන් ලංකාවේ පළමුවැනි ඇනිමේෂන් චිත්‍රපටය කියලත් ඇය කියනවා. කොහොම නමුත් පැෂන් මූවි එකේ ඇයගේ චරිතය හැටියට පොඩි, චූටි කොල්ලෙක්ව අවුස්ස අවුස්ස ඉන්න තමයිලු තියෙන්නේ. ඉතින් ඇය මේ චරිතයට හරිම කැමතියිලු. කොහොම නමුත් සැබෑ ජීවිතයේ ඔය පම්පෝරි ගැහැව්වාට ඇයට කොල්ලො පිස්සු වට්ටන්න පුළුවන් ද කියන්න ඇය දන්නේ නැහැ කියලයි යුරේනි නිසාම කියන්නේ. හැබැයි ඇය හරිම ආසාවෙන් ඒ චරිතයට පණපෙව්වාලු.







