ජනප්‍රිය වැඩසටහනකට බිරින්දෑවරු දෙන්නම කැටුව ආ ප්‍රසිද්ධ චරිතයකට සිදු වූ දේ..(PHOTOS)

Youtube India Gossip Today World Social Media
By Aruna Jun 27, 2024 01:52 PM GMT
Aruna

Aruna

Report

‘Bigg Boss OTT’ තුන්වන වාරය මේ වෙද්දි දැඩි කතාබහක් ඇති කරලා තිබෙනවා.

ඒ, ඊට සහභාගී වූ එක් තරඟකරුවෙකු වන අර්මාන් මලික් (YouTuber Armaan Malik) ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන Kritika Malik සහ Payal Malik සමඟ වැඩසටහනට පෙනී සිටීම නිසාවෙන් බවයි පැවසෙන්නේ.

ජනප්‍රිය වැඩසටහනකට බිරින්දෑවරු දෙන්නම කැටුව ආ ප්‍රසිද්ධ චරිතයකට සිදු වූ දේ..(PHOTOS) | Youtuber Armaan Malik

මේ හේතුවත් එක්ක, ‘Bigg Boss OTT රසික පිරිසගෙන් එල්ල වන චෝදනාව නම් 'තුන්දෙනාටම ලැජ්ජාවක් නෑ' කියන එකයි.

ඒ විතරක් නෙවෙයි 'විනෝදාස්වාදයේ නාමයෙන් අපිරිසිදුකම ප්‍රවර්ධනය' කරනවා යන්න' අදාළ වැඩසටහනටත් බැණ වදින රසික පිරිස පෙන්වා දෙන කාරණාවක් බවට පත්ව තිබේ.

එහිදී එක් චෝදනා නඟන්නෙක් මතුකරලා තිබුණෙ දවස් කීපයක් ඇතුළත ආදරය, විවාහය සහ වයිෆ්ගෙ හොඳම යාළුවත් එක්කත් යළි ඒ දේම කළ කෙනෙක්ව ගෙන්වීම පිළිගත හැකිද කියන කාරණයි.

හැමෝම සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙ බලාගෙනයි..අද සිදු වූ දේ මෙන්න..

හැමෝම සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙ බලාගෙනයි..අද සිදු වූ දේ මෙන්න..


කොහොම නමුත් ගෙවුණු වසරේත් මේ තුන්දෙනා භාරති සිං සහ Harsh Limbachiyaගේ Podcast එක්කට සහභාගී වෙලා තිබූ පසුබිමකයි මෙලෙස ගෙන්වා ඇත්තේ.

එතැනදී අර්මාන්ගෙන් අහලා තිබුණා Bigg Boss ඇතුළු රියැලිටි වැඩසටහන් සඳහා ආරාධනා ලැබෙනවාද යන්න සම්බන්ධයෙන්.

එතැනදී ඔහු කියලා තිබුණෙ ආරාධනා ලැබුණු නමුත් එවකට පායල් ප්‍රෙග්නන්ට් නිසාත් ක්‍රිතිකා දරුවා ලැබීමට නියමිත නිසාත් තමාට ඔවුන්ව දාලා යන්න බැරි වූ බවයි.

ජනප්‍රිය වැඩසටහනකට බිරින්දෑවරු දෙන්නම කැටුව ආ ප්‍රසිද්ධ චරිතයකට සිදු වූ දේ..(PHOTOS) | Youtuber Armaan Malik

පායල් සහ ක්‍රිතිකා දෙදෙනා එක්කම විවාහ වෙලා ඉන්න අර්මාන් දරුවන් හතර දෙනෙකුගේ පියෙක් ද වනවා.