පළවෙනි වතාවට? මෙරට තරුණයින්ට ලැබෙන්න යන අලුත්ම අවස්ථාව.. මොකක්ද දන්නව ද ඒ..

Kegalle Sajith Premadasa Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Apr 27, 2024 05:59 PM GMT
krishani

krishani

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

පළවෙනි වතාවට? මෙරට තරුණයින්ට ලැබෙන්න යන අලුත්ම අවස්ථාව.. මොකක්ද දන්නව ද ඒ.. | Youths Are Mandated To Be Part Of Governance

ඒ රටේ තාරුණ්‍යය එකට එකතු කර ගෙන රාජ්‍ය පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට රටේ තාරුණ්‍යය පත් කරනා බවත් රාජ්‍ය බලය ලැබුණු පසු Project Youth වැඩසටහන් හරහා තරුණයන් ගොඩගන්නා බවත් ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) කෑගල්ලේ පැවති සමගි ජන බලවේග තරුණ සමුළුව අමතමින් ය.

සමාජයේ බොහෝ දෙනෙක් පොරොන්දු දේශපාලනය පිළි නොගන්නා බවත් ඉන් අදහස් වන්නේ බලය ලැබීමට පෙර ලබා දුන් පොරාන්දු කඩ කිරීම බවත් ඒ මහතා පැවසීය.

ලබන මාසේ 10 සිට?. ඉන්ධන ගැන ගත්ත තීරණයක් මෙන්න.

ලබන මාසේ 10 සිට?. ඉන්ධන ගැන ගත්ත තීරණයක් මෙන්න.


එමෙන්ම, දශක ගණනාවක් පුරා පොරොන්දු කඩ කිරිම් සිදු වුවත් සමගි ජන බලවේගය සහ තමාට පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරීමට මෙන්ම තරුණයන් සමඟ පැහැදිලි සමාජ ගිවිසුමකට ප්‍රවේශ වෙන්න අයිතියක් ඇති බවත් ඔහු කියා සිටියේ ය.

තව ද, 2019 ජනාධිපතිවරණයේ දී තරුණයන් සමග සමාජ ගිවිසුමක් අත්සන් කළේ තමා බවත්, මැතිවරණ පරාජයත් සමග තරුණයන් වෙනුවෙන් අපේක්ෂිත වැඩ කොටසක් කරන්න නොහැකි වුවත් මෙවරත් එවැනිම සමාජ ගිවිසුමක් ඉදිරිපත් කරන බවත් එහිදී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර දියුණු කර යාවත්කාලීන කරනවා සේම ජාත්‍යන්තර තලයේ ඉහළ මට්ටමින් යුත් සුහුරු අධ්‍යාපනයක් ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

එයට අමතරව රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ මෙරට තාරුණ්‍යයට විකල්ප අධ්‍යාපන අවස්ථා ඇතිකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..

මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..


එමෙන්ම, කොමියුනිස්ට්වාදීන්, මාක්ස්වාදීන්, අන්ත වාමවාදීන් අධ්‍යාපනය නූතනවාදී කරන්න හදන සෑම මොහොතකම එයට බාධා කරන බවත්, මෙම කණ්ඩායම්වල දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාවලට බවත් දේශපාලන ප්‍රභූ පවුල්වල දුවා දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය කැප වුවත් රටේ උසස් අධ්‍යාපන වරම් නොලබන තරුණයන්ට එය තහනම් වී ඇති බවත් මේ ක්‍රමය වෙනස් වී මෙරට තාරුණ්‍යයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා දිය හැකි උපරිම අවස්ථා ලබා දෙන නිදහස් අධ්‍යාපන යුගයක් බිහි කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.