අයියව ඝාතනය කර මල්ලි පොලිසි ඇවිත්
            
                
                By Hashini
            
            
                
                
            
        
    පින්වත්ත පොලිසිය පවසන්නේ වැඩිමල් සහෝදරයාට පහර දී ඝාතනය කල සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බවයි.
දෙසොහොයුරන් අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු කර ඇතැයි වාර්තා වනවා.
පින්වත්ත මීගහ කෝවිල පාරේ පදිංචිව සිටි 39 හැවිරිදි වියේ පසු වූ අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.
බාල සොහොයුරා විසින් වැඩිමල් සොයුරාගේ හිසට අතින් පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ වැඩිමල් සොයුරා බිම ඇඳ වැටීමෙන් හිස බිම වැදී මෙම මරණය සිදුව ඇති බව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
පසුව බාල සොයුරා පොලිසියට භාර වී ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකාර සොයුරා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පින්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
 
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
         
         
         
         
         
        