පෝය දවසෙත් අරක්කු හා බියර් - නීතියට උඩින් ගිහින් ලීටර් ගණන් විකිණෙයි
පෝය දිනයක් වූ ඊයේ (26) දිනයේ මත්පැන් අලෙවි කරමින් තිබූ යාපනයේ පිහිටි ස්ථානයකින් විශාල මත්පැන් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චාවකච්චේරි පොලිස් බලප්‍රදේශය තුළ පෝය දිනයේ මත්පැන් අලෙවි කෙරෙන බවට පොලිසියේ විශේෂ බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබුණි.
එම තොරතුර මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් අලෙවියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී අරක්කු ලීටර් 5,000ක් සහ බියර් ලීටර් 2,500ක් පොලිසිය විසින් සිය භාරයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර නීතිමය කටයුතු සඳහා චාවකච්චේරි පොලිසිය වෙත භාර දී ඇත.