අලුත් ඇඳුම නිසා හැමෝගෙම කතාවට ලක්වූ යුරේනි (PHOTOS)

sri lanka Yureni noshika
By Sithumi Nov 19, 2021 05:43 PM GMT
Sithumi

Sithumi

Report

තාරුණ්යයේ සුරූපී හැඩකාර කටකාර රංගන ශිල්පිනියක් විදියට අපිට යුරේනි නොශිකාව හඳුනා ගන්නට පුළුවන්. රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි නිවේදිකාවක් ලෙසත් ගායිකාවක් ලෙසත් නිරූපණ ශිල්පිනියක් ලෙසත් ඇයව ක්ෂේත්රයේ කොයි කවුරුත් හඳුනනවා. 

ඇයගේ ඒ හිනාව පමනක් ඇසුනු සැනින් දන්නවා මේ නම් වෙන්නේ යුරේනි නොෂිකා කියලා. ඉතින් ගොඩාක් කලා නිර්මාණවලට සහභාගි වෙලා නැතත් ඇය රංගනයෙන් දායක වු සුළු ප්රමාණයක් වුණු නිර්මාණ අතරින් ඇයගේ නම ජනතාව අතර රන්ඳන්න ඇය සමත් වෙනවා. කොහොම වුනත් ක්ශේත්රය තුළ රංගනය සඳහා වැඩි අය කිරීමක් කරන රංගන ශිල්පිනියක් විදිහටත් යුරේනිව හඳුන්වනවා. 

ඇය කලා ක්ෂේත්රය තුළ දැනට වසර 15 ක පමණ කාලයක් සිටිනවා.ඒ අතරතුර ඇයට දරන්නට සිදුවූ වෙහෙස වෙනුවෙන් ඇය කලා නිර්මාණ වෙනුවෙන් ඇයගේ සාධාරණ මුදල ලබා ගන්නා බවත් ඇය සඳහන් කරනවා. ලස්සන ලස්සන ෆැෂන් කරන්නත් යුරේනි බොහොම ආසයි. 

ඉතින් යුරේනි නම් කියන්නේ තරුණ කාලෙ ලස්සනට ඉන්නකොට ෆැශන් කරන්නෙ නැතුව වයසට ගියපුවාම කරන්නද කියලා. කොහොම වුණත් එහි සත්යතාවයක් නම් තියෙනවා. තරුණ රංගන ශිල්පිනියක් විදිහට ඇය විලාසිතා අනුගමනය කිරීමක් කරනවා.ඉතින් ඇය පසුගිය දවසක අලුත්ම චායාරූප කිහිපයක් සමාජ මාධ්ය වෙත නිකුත් කරල තිබුණා.

ඒ ඡායාරූප වල ඇය පිහිනුම් ඇදුමකින් තමයි සැරසිලා සිටියේ.ඉතින් මේ පිළිබඳව බොහෝ දෙනා ඇය ගැන කතා කරන්නට පටන් ගන්නවා සමාජ මාධ්ය ඔස්සේ.නිරන්තරව විලාසිතා නිසා කතා බහට ලක්වන ඇය මේ පිහිනුම් ඇදුම නිසාද කාගේත් කතාවට හේතු වුණා. ඉතිං කොහොම වුනත් යුරේනි ඇගේ ජීවිතයේ රංගන ජීවිතයේ වගේම නිවේදන ජීවිතයේත් බොහොම සාර්ථකව ඉදිරියට යන තරුණියක්. 

කෙසේ වෙතත් ඇයගේ ඉදිරි අනාගතයේ කලා කටයුතු වලට වගේම පෞද්ගලික ජීවිතයටත් බොහොම ආදරයෙන් අපි ඇයට සුබ පැතුම් එක් කරනවා.

GalleryGalleryGallery