තාමත් මට සින්දු කියන්න බෑ කියලා සමහරු කියනවා-ලංකාව බබළවපු ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා

Sri lanka artist yohani
By Sithumi Dec 10, 2021 06:21 PM GMT
Sithumi

Sithumi

Report

යොහානි කියන චරිතය පිළිබඳව ලංකාවෙ මිනිස්සුන්ට අමුතුවෙන් අටුවා ටීකා කියන්න අවශ්යතාවයක් නැහැ. මොකද මේ වන විට ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි ලෝකේ බොහෝ දෙනා යොහානිද සිල්වා කියන චරිතය දන්න කියන චරිතයක් බවට පත්වෙලා තිබෙනවා.

මෑතකාලීනව ලංකාවේ චරිතයක් පිළිබඳව ලෝකෙ කතා කරන පුද්ගලයා බවට පත්වෙන්නේ යොහානි. තවමත් තරුණ වියේ සිටින තරුණියක් ලෙස ඇගේ ජීවිතයේ ලබා ගැනීමට පුළුවන් විශාල ප්‍රේක්ෂක ආදරයක් වගේම ජයග්‍රහණයන් ළඟා කරගත් අපූරු චරිතයක් ලෙස අපිට ඇයව දකින්න පුලුවන්. ඉතින් පසුගිය දවසක ඇය මාධ්‍ය සාකච්ඡාවක් සමඟ සම්බන්ධ වෙලා තිබුණා.

ඉතිං ඇය එහිදී සඳහන් කරන කරුණු කාරණා කීපයක් මෙහිදී සඳහන් කරනවා. ඇය සඳහන් කෙරෙන විදිහට මාස 4ක් වැනි කෙටි කාලසීමාවකින් ඇය ලබා ගත් ස්ථානය පිළිබඳව තවමත් ඇයට හිතා ගන්නට බැරිලු. කොහොම වුණත් ආරම්භයත් එක්ක බලපුවාම අද ඇය මේ ඉන්න ස්ථානය පිළිබඳව නිහතමානීව සතුටක් තිබෙන කාරණාවත් කියනවා. 

නමුත් එදා හිටපු යොහානිම තමයි අදත් ඉන්නේ කියලයි ඇය සටහන් කරන්නේ. දිලංජන් සෙනෙවිරත්න විසින් පද රචනා කරපු පසන් ලියනගේ විසින් සංගීතවත් කරපු moving on නමින් ගීතයක් යොහානි පසුගිය නොවැම්බර් 12 වැනිදා එළිදැක්වුවා. ඉතින් මේ ගීතය සම්පූර්ණයෙන් ලිය වෙලා තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.

නමුත් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා යම් පොඩි කොටසක් හෝ සිංහල භාෂාවෙන් එහිදී ඉදිරිපත් කරන්නට. ඉතින් ඔවුන්ට අවසරය හිමිවෙලා තිබෙනවා පොඩි කොටසක් සිංහල භාෂාවෙන් ගායනා කරලා එකතු කරන්න. පෙර ගීතය වගේම මෙම ගීතයටත් ඉහළ රසික ආදරයක් ලැබේවි කියලා තමයි විශ්වාස කරන්නේ. යොහානි ඉන්දියාවට ගියාට පස්සේ ලංකාවේ ගොඩක් කතා බහ නිර්මාණය වුණා.

එහිදී යොහානි කියන්නේ එහෙම විශාල ප්‍රමාණයේ බොරු ප්‍රචාර සමහර අය නිර්මාණය කරා කියලා. ඉතින් ඒ කාරනා අතරට ඇය ඉන්දියාවට යනකොට ලක්ෂ සංඛයාත ඉන්දීය වැසියන් ඇය පිළිගන්න බලාපොරොත්තුවෙන් හිටිය කියන එකත් තිබුණා. ඉතින් යොහානි කියන විදිහට ඒ අමූලික බොරුවක්. පැපරාසි මාධ්‍යවේදීන් නම් හිටියා කියලා තමයි ඇය කියන්නේ. ඒත් එක්කම එරට කලා ශිල්පීන් විසින් විශාල සල්ලි මුළු දුන්නා කියලත් කතාවක් පැතිරුණා.

ඉතින් ඒ වගේම ගෙවල් දුන්න කියලත් සඳහනක් තිබුණා. නමුත් ඇය කියන්නේ ඇයගේ අම්මා තාත්තාවත් ඒ පිළිබඳව කිසිම දෙයක් දැනුවත් වෙලා නොතිබුණු අවස්ථාවක රටේ මිනිස්සු මේවා බොරුවට ප්‍රචාරය කරපු බව. මේ ආපුගමනේදී හිත් රිදවීම් කඩා වැටීම් කියන දේ බොහෝ ප්‍රමාණයක් තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ

. ඉතින් ඇය ලංකාවට පැමිණෙන්නේ 2019 වසරේ දී. ඕස්ට්රේලියාවේ අධ්‍යාපන කටයුතු හමාර කරලා එහි පදිංචියට ඉල්ලුම් කරන්නට අවස්ථාව තිබුණත් ලංකාවට පැමිණෙන්නේ සංගීතයට තිබුණ උණ නිසා. ඉතින් එසේ ලංකාව වෙත පැමිණිලා ඇය ක්ලබ්වල සින්දු කියන්නට යනවා. පැය පහකට රුපියල් පන්දාහක් තමයි ඇයට එහිදී මුදල වශයෙන් ලැබෙන්නේ.

පසුව ගිටාර් එකක් අරගෙන පුහුණුවීම් කරලා පටන් ගත්ත සංගීතය අද වෙනකොට ඇයව මේ තත්ත්වයට ගෙනල්ලා තිබෙනවා. පසුගිය දවස් වල ඉන්දියාවේ දී ඇය හින්දි ගීතයක් ගායනා කිරීමේ කටයුත්තක නිරත වෙලා තිබෙනවා. නමුත් දෙපාරක්ම එය ෆේල් බව තමයි සඳහන් කරන්නේ. ලබන වසරේ ජනවාරි මාසයේ දී නැවත වරක් රෙකෝඩින් දමලා තිබුනත් එයත් ෆේල් වෙයිද දැන්නෑ කියලා යොහානි කියනවා. ඉතින් ලැබුණු ජනප්‍රියත්වය නිසාවෙන් ඇය මේ වන විට කළමණාකරනවරයෙකු යටතේ තමයි වැඩ කරන්නෙ.

ඉතින් මැනේජර්වරයෙක් තබාගෙන සිටින නිසාවෙන් ගොඩක් අය හිතනවා ලූ ඇය අහංකාර වෙලා කියලා. නමුත් යොහානි කියන විදියට ඇය අදටත් පරණ යොහානිම තමයි. මුලදී ඇය සංගීත කටයුතු ආරම්භ කෙරෙන පට්ට එක්කම තමයි ඇය තවදුරටත් වැඩකටයුතු කරගෙන යන්නෙ. ඉතින් සරල සංකීර්ණ නොවන යොහානි කියන චරිතය කවුරුන්ද කියලා ඇය සඳහන් කරලා තිබුනා.

කොහොම වුණත් ඇය දැන් ලොවක් හඳුනන ලංකාවේ ගායන ශිල්පිනියක්. පුංචි ඇඟක් ඇතුලේ ලොකු වැඩක් කරපු තරුණියක් විදියට ඇය අපිට හඳුනාගන්නට පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඇයගේ ඉදිරි සංගීත කටයුතුවලට ආදරයෙන් සුබපැතුම් එකතු කරන අතරේ ලංකාවේ නම ලෝකයක් ඉදිරියේ කතා කරන්න තත්ත්වයකට පත් කරපු නිසාවෙන් ස්තුතියි කියලත් සඳහනක් කරන්නටම ඕනේ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha