යොහානි බලන්න ඉන්දියාවෙන් පොරකකා ජන ගඟක් එයි.. ලබන 03ත් දැවැන්ත වැඩකට මුලපුරයි(VIDEO/PHOTOS)
මැණිකේ මගේ හිතේ ප්රතිනිර්මාණ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.
ඇයගේ පළමු ප්‍රසංගය ගුරුග්‍රෑම් ස්ටූඩියෝ එක්ස ඔ හි ඊයේ (30) පස්වරු 06 ට පැවති අතර මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන '' ලුනු මියුසික් '' සංගීත කණ්ඩයම සංගීතය ලබා දෙමින් යොහානිට වේදිකාවේදී සහාය දැක්වීය.
ශ්‍රී ලාංකික ප්‍රේක්ශකයන් ඉදිරියේ ඉන්දියානු ගායක ගායිකාවන් ගීත ගායනා කිරීම අපට ඉතා හුරුපුරුදු දෙයක් වන නමුත්, ශ්‍රී ලාංකික ගායකෙකුට හෝ ගායිකාවකට දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ පළමුවරටය.
ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇය සහභාගී වූයේය සියලුම ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කරමිනි.
ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 06 ට යොහානි හයිද්‍රාබාද් නගරයේදී ද තවත් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.
මේ වනවිට ඉන්දියාව පුරා යොහානි උන්මාදයක් ඇතිව තිබෙන අතර මේ නිසා යොහානි ගේ වේදිකාව ඉදිරිපිට අතුරු-සිදුරු නොමැතිව ඉන්දීය ප්‍රේක්ෂකයන් රැස්වෙනු ඇතැයි ද පැවසේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |