යොහානි ලංකාව ඩොලර් වලින් ගොඩ ගන්න පෙරට එයි...සමාජ මාධ්‍ය කැළඹූ සටහන මෙන්න.(PHOTOS)

Sri Lanka YouTube Music Yohani de Silva
By Aruna Apr 08, 2022 05:57 AM GMT
Aruna

Aruna

Report

යොහානි මැණිකේ ඊයේ රාත්‍රියේ ලංකාවට ආධාර එකතුකිරීමේ වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්න බව සමාජ මාධ්‍යවල වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ වගේම ඇය වීඩියෝවෙ ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලලාත් තියෙනවා.

හැබැයි මෙතන පොඩි කොස්සක් තියෙන බවට ලාංකීය අරගලකරුවන් ඇයට චෝදනා කරනවා.

චෝදනාව තමයි, ඇය මේ භාවිතා කරන හෑෂ්ටැග් එක පවතින රජය ඔවුන්ගේ ප්‍රචාරණ වැඩපිළිවෙලේදී භාවිතා කරපු හෑෂ්ටැග් එකක් බව.

ඒ කියන්නේ ඇය මේ For sri lanka කියන හෑෂ්ටැග් එක පාවිච්චි කරන එකෙන් ජාත්‍යන්තරයට වැඩිපුරම ප්‍රේරණය වෙන්නේ අරගලය හෝ අර්බුදය නෙමෙයි, රජයේ ප්‍රචාරණ වැඩපිළිවෙල බවයි අරගලකරුවන්ගේ අදහස.

යොහානි නැවතත් සටහනක් බෙදාගනිමින් ප්‍රකාශ කලේ For sri lanka කියන්නේ ඇයට සහය දක්වන්න එකතු වුණු පදනමක් කියලයි.

මේ ඇයගේ සටහන, "ආයුබෝවන් ! ඇඟ බේරා ගැනීමට නොවෙයි. අවසානය වන තෙක් කියවන්න.

අපේ රට ගැන ජාත්‍යන්තරය ඍණාත්මකව දැකීම අවම කර ගන්න මෙම සටහන සිංහලෙන් ලිඛිතව තැබීමට කල්පනා කලෙමි. මමත් ඔබත් සමගයි.

මේ මොහොතේ ලංකාවේ නැති වුණත් ඔබේ අරගලය මගෙත් අරගලයයි.

නිහඬව සිටියේ ප්‍රතිපත්තියක් ලෙස, දේශපාලනය ගැන කතා නොකරන බැවිනුත් , දේශපාලනය ගැන සැලකිය යුතු දැනුමක් නැති බැවිනුත් , එක දාගන්න විතරක් අරගලයට සම්බන්ද වීමට අකමැති බැවින්ය.

නමුත් අපේ රට පන නැංවීමට අලුත් දූරදර්ශී නායකයන් පිරිසක්ද, එය පිලිවෙලින් කිරීමට විෂය පිලිබඳ උගත් විශේෂඥ පිරිසක්ද අවශ්‍ය බව මම පෞගලිකව විශ්වාස කරමි.

කාටවත් ඇඟිල්ලක් දික් කර වැරදි පෙන්නන්න පරිනත නැති බැවින්, මේ අරගලයේදී මමත් ඔබ සමගයි පමණක් කියමි.

ඔබෙත් මගෙත් අනාගතය සුරකින්න ඕන නායකයින්, දේශපාලකයින් ඔවුන්ගේ වගකීම සහ යුතුකම් පැහැර හැරීම හේතුවෙන් මගේ රට පත්ව තිබෙන තත්වය ගැන ඔබට දැනෙන වේදනාව මටත් නොඅඩුව දැනෙනවා.

මමත් මගේ කණ්ඩායමත් නිර්මාණකරුවන් විදිහට පමණක් කටයුතු කරන පිරිසක්.

ඇතැම් උත්සව අවස්ථා වල දේශපාලකයන් මුණ ගැසී, ඔවුන් සමග කතා බහ කර තිබුනත්, මමත් මගේ කණ්ඩායමත් කිසි විටෙක දේශපාලන පක්ෂයක් සමග කටයුතු කර නැති බව වගකීමෙන් ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

දේශපාලනය නිසා කිසියම් ප්‍රතිලාභයක්ද ලබා නැත.

මගේ පියා ගැන ආටෝප ලිවීමට අවශ්‍ය නැත.

මමත් මගේ කණ්ඩායමත් තරුණ වෘතිමය නිර්මාණකරුවන් පිරිසක්.

2019 අප්‍රේල් මාසයේ සිට ඔලුව උස්සන්න හදන පිරිසක්.

ඉදිරි මාස 6දී ලංකාවේ සැලසුම් කර තිබු වෘතිමය කටයුතු කිසිවක් කිරීමට පරිසරයක් නැති වීම ගැන කණගාටු වෙමු.

අපිට දැනෙන වේදනාව, එදා වේල හොයාගන්න බැරි අම්මලා , තාත්තලට , ඉස්කෝලේ යන්න බැරි නංගිලා, මල්ලිලාට , බෙහෙත් හොයාගන්න බැරි ආච්චිලා , සීයලාට දැනෙන විදිහ මට හිතා ගන්න බැහැ.

ඔවුන් වෙනුවෙන් යමක් කරන්නයි කල්පනාව. අපේ පිටරට සිටින රසිකයන් , මිතුරන් එකතු කරගෙන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් සමූහ අරමුදලක් ලෙස එකතු කර , ලංකාව තුල ආහාර සහ ඖෂධ සඳහා වැය කිරීම සඳහා පරිත්‍යාග කිරීමට ක්‍රියා මාර්ගයක් හදමින් සිටිමු.

වැඩ කරන අතර , මගේ යු ටියුබ් නාලිකාවේ සහ අනෙකුත් ස්ට්‍රීමින් නාලිකා වල ඉදිරි මාස 3 ආදායම මේ සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙමි.

මගෙත් එක්ක මේ ක්‍රියාවලියට “ෆෝ ශ්‍රී ලංකා” For Sri Lanka පදනම එකතු වී ඇත.

අපි වැඩක් කරන්න හදන තරුණ පිරිසක්.

ඔබේ සහය බලාපොරොත්තු වෙමු.

අඩුපාඩු පෙන්වා දෙන්න.

ජය! කෙල්ල"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery