ඇස් කහ පාටට හුරු වෙලාද? මේ රෝග ලක්ෂණ තියෙනවා නම් භයානකයි දැන්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න
ලෙඩ කියන ඒවා එක එක විදිහට අපිට හැදෙනවානේ. හැබැයි ගොඩක් ලෙඩ රෝග දරුණු වෙන්නේ ඒ ගැන නිසි අවබෝධයක් නැති නිසා වගේම ඒ ලෙඩ සුව කරන්න පුළුවන් අවධියෙදිම අපිට හඳුන ගන්න බැරි වීම මත.
ඉතින් අද මේ ලිපියෙන් කතා කරන්න යන්නෙත් අන්න එහෙම අපි නොසලකා හරින රෝග ලක්ෂණයක් නිසා ඇති වෙන්න පුළුවන් මාරන්තික රෝගයක් ගැන.
අග්න්‍යාශයේ පිළිකා තිබෙන රෝගීන්ගෙන් බහුතරයක් වෛද්‍යවරයකු වෙත යොමු වීමට බලපාන්නේ ඇස් සහ සම කහ පැහැ වීම යන රෝග ලක්ෂණය නිසා කියලා ඔබ දන්නවාද?
මේ රෝග ලක්ෂණය අග්න්‍යාශයේ පිළිකාවක මුල් ලක්ෂණයක් හෝ වර්ධනය වූ ලක්ෂණයක් වෙන්න පුළුවන්.
අපේ ශරීරයේ අක්මාව මඟින් බිලිරුබින් (Bilirubin) නම් කහ පැහැති ද්‍රව්‍යයක් නිපදවන අතර සාමාන්‍යයෙන් මෙම බිලිරුබින් පිත නාල (Bile ducts) හරහා ගොස් අන්ත්‍රවලින් සිරුරෙන් බැහැර වෙනවා.
හැබැයි අග්න්‍යාශයේ පිළිකාවක් ඇති වූ විට, විශේෂයෙන්ම පිළිකාව අග්න්‍යාශයේ හිස (Head of the pancreas) කොටසේ පිහිටා ඇති විට, එමඟින් පිත නාලය අවහිර කරනවා.

මේ අවහිර වීම නිසා,
පිත බැහැර වීමට නොහැකිව රුධිරයට එකතු වේ.
රුධිරයේ බිලිරුබින් මට්ටම ඉහළ යයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇසේ සුදු ඉංගිරියාව සහ සම කහ පැහැයට හැරෙනවා.
ඒ වගේම මේ නිසා ඇති විය හැකි තවත් රෝග ලක්ෂණ තියෙනවා.
ඒ අතර ඇස් කහ වීමට අමතරව, අග්න්‍යාශයේ පිළිකාවක් හේතුවෙන් සෙංගමාලය ඇති වූ විට පහත රෝග ලක්ෂණ දැක ගන්න පුළුවන්.

මුත්‍රාවල පැහැය වෙනස් වීම - මුත්‍රා තද තේ පැහැයක් හෝ තද කහ පැහැයක් ගැනීම.
මළපහවල පැහැය වෙනස් වීම - මළපහ සුදු හෝ මැටි පැහැයට (Clay-colored stools) හුරු වීම.
සමේ කැසීම - රුධිරයේ බිලිරුබින් තැන්පත් වීම නිසා සමේ අධික කැසීමක් ඇති විය හැක.
බඩේ කැක්කුම - විශේෂයෙන් උදරයේ ඉහළ කොටසේ ඇති වන වේදනාව කොන්ද දෙසට විහිදී යාම.