කතරගම වන්දනාව අතරේ යාලෙ දඬයක්කරුවන් වැඩි වෙයි..ඊයෙ වෙච්ච දේ බලන්න.(PHOTOS)

Sri Lanka Police Hambantota Department of Prisons Sri Lanka Kataragama Temple Sri Lanka
By Aruna Jun 27, 2023 02:18 AM GMT
Aruna

Aruna

Report

වන ජිවි නිලධාරීන් විසින් යාල වන උද්‍යානයේ ගෝනගල වැව ප්‍රදේශයේ ඊයේ (26) දින සිදුකරන ලද වැටලිමකදි මරන ලද මුවෙකු වේලමින් සිටි දඩයක්කරුවන් 06 දෙනෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කතරගම, රන්මිණිතැන්න හා  කිරින්ද යාල හංදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබු විදුලි පන්දම් , ඊයම් බෝල, වෙඩි බෙ⁣හෙත්,පිහි සහ වියලි අහාර ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් ද වන ජිවි නිලධාරීන් භාරයට ගෙන තිබේ.

කතරගම ඇසල උත්සව සමය හා පාද යාත්‍රා රාජකාරි සදහා නිලධාරීන් යෙදවීමත් සමග යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිම මෙම මාසය තුල ඉහල ගිය බවත්, මේ කාලය තුල සැකකරුවන් 9 දෙනෙකු හා ගිනි අවි 5 ක් අත්අඩංගුවට ගැනීමට වන ජිවී නිලධාරීන් සමත්ව ඇති බවයි එහි නිලධාරියෙක් අප සමඟ කියා සිටියේ.

යාල වන උද්‍යානයේ වන සත්ව අඩවි සහකාර කුලරත්න ,ප්‍රසාද් ගුණරත්න ,උදිත සංජීව වන සත්ව නියාමක අනස්දින්,යසස් සේනාරත්න , සුදත් ප්‍රියංකර සහ තරිඳු ජයවිර යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම මත මෙම වැටලීම සිදුකර තිබෙන බවයි එහි උසස් නිලධාරියෙකු අප සමඟ කියා සිටියේ.

මීට අදාල ඡායාරූප පහතින්,

මීට පෙරද යාල පනාගම්මන, බන්දු වැව ස්මත්තේදී දඬයක්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් ගගන ප්‍රවෘත්ති අංශය විසින් හෙළිකරනු ලැබුවා.

එහිදී දඬයක්කරුවන් විසින් සාහසික ලෙස මරා දැමූ මුවන් පිළිබඳ සංවේදී පුවතකි.

එම පුවත පහතින් බලන්න.

https://gagana.lk/article/yala-national-park-1664970936

GalleryGalleryGalleryGallery