කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්
කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීම සඳහා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන පරිදි, දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, එම ඉල්ලුමට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවීමට තීරණය කර ඇත.
ඒ අනුව, "Ella Weekend Express" නමින් නව දුම්රියක් එළඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වාත්, 17 වැනිදා සිට සෑම ඉරිදා දිනකම බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
