සියලුම ගොවීන්ට විශේෂ දැනුම්දීමක් - ආයේ පොහොර දෙන්නේ මෙහෙම විතරයි
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය පොහොර නිකුත් කිරීමේ කටයුතු ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 9,900ත් 10,200ත් අතර සහන මිලකට ගොවීන්ට ලබාගත හැකිය. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කළේ, අතරමැදියන්ගේ බලපෑම අවම කරමින් නියමිත ගොවියාට සහනය ලබාදීම මෙහි අරමුණ බවයි.
එමෙන්ම, සියලුම ගොවීන් සිය වගා තොරතුරු ගොවිජන සේවා මධ්‍යස්ථානවල ලියාපදිංචි කළ යුතු අතර, එම දත්ත පද්ධතිය මත පදනම්ව පොහොර නිකුත් කිරීම විධිමත්ව සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.