මැද පෙරදිග යුධමය තත්වය විකෘති කර සමා­ජ­ගත කළ ව්‍යාජ එක්ස් ගිණුම් 31ක් අත්හි­ටු­වයි

By Kanchana Mar 20, 2026 04:36 AM GMT
Report

 මේ වනවිට මැදපෙරදිග උද්ගතව තිබෙන යුධමය තත්වය හමුවේ ඉරා­නය, හමාස් සංවි­ධා­නය සහ පාකි­ස්තා­නයේ ක්‍රියා­ත්මක වන විවිධ සන්නද්ධ කණ්ඩා­යම් ආරක්ෂා කිරිම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කර­මින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රණ කට­යුතු සිදු­වන බවට හෙළිවී තිබෙන බව එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ නිෂ්පා­දන ප්‍රධානී නිකිටා බියර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ත්‍රස්ත විරෝධී මහ­ජන මතය හැසි­ර­වීමේ සහ යුදෙව්, හින්දු සහ සෙසු ආග­මික ප්‍රජාව අතර ඉරාන ජාති­ක­යන්ට එරෙ­හිව වෛරී හැඟීම් ඉස්මතු කිරීමේ අර­මුණ සහිතව එම ප්‍රචා­රණ කට­යුතු සිදු­වන බව ඔහු සඳ­හන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

  තවද එහි නිෂ්පා­දන ප්‍රධානී තවදුරටත් සඳ­හන් කරන්නේ ඉරාන ජන­තාව අතර යුදෙව් සහ බට­හිර විරෝධී හැඟීම් උත්සන්න කිරී­මට කෘත්‍රිම බුද්ධිය භාවිත කර තිබෙන බවත් එවැනි සැක­ක­ට­යුතු එක්ස් සමාජ මාධ්‍ය ගිණුම් 31ක් අනා­ව­ර­ණය වී තිබෙන බවයි.

 ඉරාන යුද නිරී­ක්ෂක ලෙස නම් කර ඇති ගිණු­මක් මඟින් ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව ඉරා­නය විසින් සිදු කරනු ලබන ප්‍රහාර කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මා­ණය කර මුදා හැර ඇති බවත් වාර්තා වේ .

පාකි­ස්තාන ජාති­ක­යකු එම ගිණුම් පව­ත්වා­ගෙන යනු ලබන බවට මේ වනවිට අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉරානය හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI භාරයට

ඉරානය හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI භාරයට

තවද යුද සම­යේදී පරි­ශී­ලි­ක­යන්ට සත්‍ය තොර­තුරු දැන­ගැ­නී­මට සමාජ මාධ්‍ය ප්‍රවේ­ශය ඉතා වැද­ගත් බව එහි සදහන් කර ඇත.

එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ නිෂ්පා­දන ප්‍රධා­නියා අදාළ සැක­ක­රුගේ ගිණුම් දින 90ක කාල­සී­මා­වක් සඳහා අත්හි­ටු­වී­මට පිය­වර ගත් බව ද වාර්තා වේ.

ඉරාන යුද්ධයට ඩොලර් බිලියන 200ක්

ඉරාන යුද්ධයට ඩොලර් බිලියන 200ක්