ඉරානය හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI භාරයට
By Kanchana
ඇමරිකාවේ පිහිටි සමාගමකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක වගකීම භාරගත්, ඉරානය පදනම් කරගත් හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI ආයතනය විසින් සිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම ක්‍රියාව ඉරාන බුද්ධි හා ආරක්ෂක අමාත්‍යාංශය (MOIS) විසින් මෙහෙයවන හැකර් ක්‍රියාකාරකම් සහ දේශසීමා මර්දන සැලසුම් අඩපණ කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නයක කොටසක් බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
තවද අත්පත් කරගත් මෙම වෙබ් අඩවි භාවිතා කරමින් මාධ්‍යවේදීන්, පාලන විරුද්ධවාදීන් සහ ඊශ්‍රායල වැසියන් ඝාතනය කරන ලෙසට බලපෑම් කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.