මැද පෙරදිග යුධමය තත්වය විකෘති කර සමාජගත කළ ව්‍යාජ එක්ස් ගිණුම් 31ක් අත්හිටුවයි
මේ වනවිට මැදපෙරදිග උද්ගතව තිබෙන යුධමය තත්වය හමුවේ ඉරානය, හමාස් සංවිධානය සහ පාකිස්තානයේ ක්‍රියාත්මක වන විවිධ සන්නද්ධ කණ්ඩායම් ආරක්ෂා කිරිම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදුවන බවට හෙළිවී තිබෙන බව එක්ස් සමාජ මාධ්‍යජාලයේ නිෂ්පාදන ප්‍රධානී නිකිටා බියර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ත්‍රස්ත විරෝධී මහජන මතය හැසිරවීමේ සහ යුදෙව්, හින්දු සහ සෙසු ආගමික ප්‍රජාව අතර ඉරාන ජාතිකයන්ට එරෙහිව වෛරී හැඟීම් ඉස්මතු කිරීමේ අරමුණ සහිතව එම ප්‍රචාරණ කටයුතු සිදුවන බව ඔහු සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
තවද එහි නිෂ්පාදන ප්‍රධානී තවදුරටත් සඳහන් කරන්නේ ඉරාන ජනතාව අතර යුදෙව් සහ බටහිර විරෝධී හැඟීම් උත්සන්න කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කර තිබෙන බවත් එවැනි සැකකටයුතු එක්ස් සමාජ මාධ්‍ය ගිණුම් 31ක් අනාවරණය වී තිබෙන බවයි.
ඉරාන යුද නිරීක්ෂක ලෙස නම් කර ඇති ගිණුමක් මඟින් ඊශ්‍රායලයට එරෙහිව ඉරානය විසින් සිදු කරනු ලබන ප්‍රහාර කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර මුදා හැර ඇති බවත් වාර්තා වේ .
පාකිස්තාන ජාතිකයකු එම ගිණුම් පවත්වාගෙන යනු ලබන බවට මේ වනවිට අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තවද යුද සමයේදී පරිශීලිකයන්ට සත්‍ය තොරතුරු දැනගැනීමට සමාජ මාධ්‍ය ප්‍රවේශය ඉතා වැදගත් බව එහි සදහන් කර ඇත.
එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ නිෂ්පාදන ප්‍රධානියා අදාළ සැකකරුගේ ගිණුම් දින 90ක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට පියවර ගත් බව ද වාර්තා වේ.