අඩි 06ක් යට වැළලී භාවනා කරමින් සිටි මාතලේ තරුණයා ගින්දර මතින් නැගිටියි..අති බිහිසුණු ලෝක වාර්තාවක් තබයි.(PHOTOS)

Sri Lanka World record Mathale Talent show
By Aruna Jan 10, 2022 06:29 AM GMT
Aruna

Aruna

Report

අඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ රාත්‍රී දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකුට හැකිව තිබෙනවා.

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති තරුණයකු මෙම බිහිසුණු ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.

මෙම තරුණයා ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ලබාගෙන රටවල් 27ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයේ අධීක්ෂණය යටතේ පැයක පමණ කාලයක් මේ ආකාරයෙන් වල යට රැඳී සිටිමින් තම ශක්තිය ලොවට පෙන්වා ලෝක වාර්තාව ලබා ගත්තේය.

මාතලේ මන්දන්ඩාවෙල ප්‍රදේශ්යේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙම බිහිසුණු අදත්දැකීම් සහිත ලෝක වාර්තාවට 09 දින පස් වනුයේ සූදානම් කොට තිබුණි.

සර්ව ආගමික වත් වතාවත් ඉෂ්ඨ සිද්ධ කරමින් මෙම තරුණයා ලෝකවාර්තාව පිහිටුවීම සඳහා සූදානම් වීම විශේෂත්වයක්.

මෙහිද දී අඩි හයක වලක් කපා ඒ යට රාත්‍රී ක්‍රියාත්මක වන ආරක්ෂිත කැමරා දෙකක් සවි කොට වළ යට භාවනා යෝගීව වාඩිවී සිටියදී වල මත ලෑලි දමා පස් වලින් සම්පූර්ණයෙන්ම වසා දමා වල වට දරසෑයක් සකසා පැයක පමණ කාලයක් එක දිගට භූමිතෙල් වත් කරමින් එම සියලු දරසෑය ගිනි තැබීම සිදු කර තිබේ.

එම ස්ථානයේ සවි කොට ඇති පුළුල් තිරයක පැයක පමණ කාලය ගෙවී යන ආකාරය නැරඹීම සඳහා පැමිණි අයට ප්‍රදර්ශනය කර තිබිණි.

, එමෙන්ම වල ඇතුලේ ඔහු සිටින ආකාරය පිළිබඳව අධික්ෂණ කමිටුව දැක බලා ගැනීම සඳහා වෙන්ම ස්ථානයක නිරීක්ෂණය ට සුදානම් කොට තිබිණි .

මීට පෙර ගිනි දැල්වීම කින් තොරව මෙයාකාරයෙන් වලක් යට පැයභාකයකට අඩු කාලයක් සිටිමින් වෙනත් රටක අයකු ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.

එම වාර්තාව බිඳ හෙළමින් ගිනි දැල් දල්වා පැයක කාලය අවසන් වීමත් සමඟ නැරඹීම සඳහා පැමිණ සිටි විශාල ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේ මාතලේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගේ සහයෝගයෙන් ගින්දර නිවා දමා වවල යට සිටි මෙම තරුණයා ගොඩ ගැනීම සිදුවිය.

ලෝක වාර්තාව තැබීමෙන් අනතුරුව 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා කියා සිටියේ ලංකාවේ ජනතාව ඕනෑම ශක්තිවන්ත වැඩක් කිරීමට හැකියාවක් තියෙන ජනතාවක් බව ලෝකයට දැනුම් දීම තම අරමුණ බවත්, තවත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ නම් ලෝකය පුරා පැතිරවීම ආගම් ජාති කුල භේද නොමැතිව මුළු ලෝකයම එක්සත්ව එක්සිත්ව සමගියෙන් කටයුතු කිරීම තම එකම බලා බලාපොරොත්තුව බව ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha