ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවමත් අසම්පූර්ණයි සහ අසමතුලිතයි - ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයට පෙර පැවැති මට්ටම වෙත ළඟාවෙමින් තිබුණ ද, එම ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තවමත් අසම්පූර්ණ සහ අසමතුලිත මට්ටමක පවතින බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
ලෝක බැංකුව නිකුත් කළ නවතම ආර්ථික නිරීක්ෂණ වාර්තාවට අනුව, සමස්ත ආර්ථිකයේ සිදුවන පිබිදීමට සාපේක්ෂව ගෘහස්ථ ආදායම් මට්ටම් සහ රැකියා වෙළඳපොළේ ප්‍රතිඵල තවමත් සැලකිය යුතු ලෙස පසුපසින් පවතී.
එමෙන්ම මෙරට ආර්ථික වර්ධන වේගය 2026 වසරේදී 4.4%ක් වනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර, අර්බුදයෙන් පසු ඇති වූ ආර්ථික පිබිදීමේ වේගය මන්දගාමී වීම සහ නිෂ්පාදන ධාරිතාව අඩු මට්ටමක පැවැතීම හේතුවෙන් 2027 වන විට එම වර්ධනය 4.2% දක්වා පහත වැටෙනු ඇති බව ද ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.