ලෝක බැංකුවෙන් සහතිකයක්..!
By Sewvandhi
ලෝක බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකාවට සහය වීම සඳහා උපරිම කැපවීම දක්වන බවයි.
ජාත්‍යන්තර මූලය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග පැවැති හමුවකදියි, එහි දකුණු ආසියානු කලාපීය උප සභාපති මාටින් රයිසර් මහතා මේ බව කියා සිටියේ.
කෘෂිකාර්මික නවීකරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ආයෝජන ශක්තිමත් කිරීම සේම අනෙකුත් ක්ෂේත්‍ර අතර සහයෝගය වැඩි දියුණු කිරීම පිළිබඳවද එහි දී සාකච්ඡා කළ බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.