පස් කන්දක් අයින් කරන්න ආපු කම්කරුවන් තවත් පස් කන්දකට යට වෙයි

Sri Lanka Police Hospitals in Sri Lanka Accident Sinhala news Breaking News
By Kaushi Aug 06, 2025 08:54 AM GMT
Kaushi

Kaushi

Report

මස්කෙළිය සාමි‍මලේ මාර්ගයේ බැනියන් පාලම අසල නිවසකට අද (6) දින කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටියදී කම්කරුවන් මතට තවත් පස් කන්දක් කඩා වැටීමෙන් පස් දෙනෙක් එයට යට වී ඇති බව වාර්තා වේ.

එහිදී වැඩිදුරටත් වාර්තා වූයේ එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටුණු බවයි.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

එසේම එය ඉවත් කරමින් සිටියදී දහවල් 12:00ට පමණ තවත් පස් කන්දක් මෙසේ කම්කරුවන් මතට කඩා වැටුණු බවත් සඳහන්.

අනතුරුව ප්‍රදේශවාසීන් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරුගේ සහයෝගය ද ඇතිව පස් කන්දට යට වී සිටි පුද්ගලයින් 5 දෙනා ගොඩට ගෙන මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

මේ අතර රෝහල්ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ නොවන බවට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය පරික්ෂණ පවත්වන බව සඳහන්.

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල

ReeCha