දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට සුබ පණිවුඩයක්

Report

නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් වෙනුවෙන් වහාම අනුමැතිය ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ පත්වීම ප්‍රමාද වීම නිසා දැනට දුෂ්කර සේවයේ නියතුව සිටින දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මුහුණපාන ගැටළු පිළිබඳ අවධානය යොමු කර පත්වීම් ඉක්මන් කරන ලෙසයි.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

එසේම ඒ මහතා වැටුප් ගැටළුව විසඳීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කර තිබෙනවා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් දක්වා ඇත්තේ ඔහු සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමයේ (Government Dental Surgeons' Association - GDSA) නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදීයි.

එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.    

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල