විසිට් වීසා මඟින් ජෝර්දාන් ගිය පිරිසකට වෙන්න යන දේ.
By Wayomi
ජෝර්දානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් සංචාරක වීසා මගින් පිටත්ව යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් පසුගිය දිනවල කණ්ඩායමක් වශයෙන් විදෙස් ගතවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
එහි දී මෙලෙස විදෙස් ගතවූ කණ්ඩායමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර, එහි දී ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කෙටි සංචාරයක් සඳහා ජෝර්දානය වෙත පිටත්ව ගිය බවයි.
නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නීතිවිරෝධී අයුරින් ජෝර්දානයට පැමිණ අතරමංව සිටින පිරිස් සම්බන්ධයෙන් සිය කාර්යාංශයට වාර්තාවී ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |