මහනුවර කෝච්චිය තවත් ප්‍රමාද වෙන ලකුණු, හේතුව මෙන්න

Report

මෙරටට බල පෑ දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අධික වර්ෂා හේතුවෙන් හානියට ළක් වූ පැරණි කළු පාලම ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේ නවතා දමා තිබෙන වැඩබිම් ආරංචි මාර්ග සදහන් කර තිබේ.

එම මහා ජල කඳට හේතුවෙන් මහවැලි ගඟ හරහා ඉදි කළ වසර 150 ක් පමණ පැරණි යකඩ පාළමට (කළු පාළම) දැඩි හානි සිදුව තිබේ.

  ඇති වූ ගැටළු කාරි තත්වය නිසා අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටි නිලධාරින් ඉංජිනේරුවන් ඉදිකිරීම් කටයුතු නවතා දමා ඉවත්ව ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කර තිබේ.

මෙම පැරණි පාළමේ ආධාරක කුළුණුවලට සවි කර ඇති ඉපැරණි ගල් ඉවත් කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා නොදීමේ ගැටළු සහගත තත්ත්වය නිසා මැයි ,ජූනි වන විට ඉදි කිරීම් අවසන්කිරීමට නියමිතව පාළමේ වැඩ අවසන් කිරීම තවත් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

''බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්නවා ''අහෝසි කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මෛත්‍රි කට අරියි

''බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්නවා ''අහෝසි කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මෛත්‍රි කට අරියි

එහි සේවය කළ පිරිස් සදහන් කළේ මෙම පාළම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ ඉදිකිරීම් ආයතන ,රාජ්‍ය නිලධාරින් ඉංජිනේරුවන් සහ සේවකයන් දිවා රාත්‍රී නොබලා වැඩ කළ නමුත් ඇතිවී තිබෙන තත්ත්වය නිසා පාළමේ ඉදිකිරීම් ප්‍රමාද විය හැකි බවයි.

මේ හෙතුවෙන් මාස කීපයක් තිස්සේ දුම්රිය ධාවනය රඹුක්කනට පමණක් සීමා වී තිබේ .  

දරුණු හිම කුණාටු තත්ත්වයක්, නගරයක්ම වහලා මෙන්න විස්තරේ

දරුණු හිම කුණාටු තත්ත්වයක්, නගරයක්ම වහලා මෙන්න විස්තරේ