''බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්නවා ''අහෝසි කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මෛත්‍රි කට අරියි

Report

 විශ්‍රාම වැටුප අහෝසි කිරීම හේතුවෙන් හිටපු මන්ත්‍රිවරු පිරිසක් අසරණ වී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර ඇත .

රෝගවලට ඖෂධ ලබාගැනීමට අපහසුව මෙම මන්ත්‍රි පිරිස දුෂ්කරතාවලට මුහුණ පා තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

 තවද හොරකම් නොකළ මෙම මන්ත්‍රි පිරිසේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීම ගැන තමා කණගාටුවට පත්වන බවත් එතුමා තව දුරටත් සදහන් කර තිබේ

මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

“මොන විදිහේ තර්ක ඇතිකළත් දීර්ඝ කාලයක් ඉතා ම අසරණ වෙච්චි මන්ත්‍රිවරු ඉන්නවා. මම අහගෙන ඇමතිවරයෙක් කියනවා බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්න බව. ඇත්තටම ඒ විදිහේ බෙහෙත් හේත් ගන්නවත් නැති මන්ත්‍රිවරු ඉන්නවා. මගේ මහත්තයා අහවල් කාලයේ මන්ත්‍රි, ජීවත් වෙන්න විදිහක් නෑ කියමින් මම ජනාධිපති කාලයේ මන්ත්‍රිවරුන්ගේ බිරින්දෑවරුන් පන් මල්ල එල්ලගෙන මං ගාවට ඇවිත් තියෙනවා. හොරකම් කරපු අය වෙනයි. හොරු වෙනයි, හොරකම් නොකරපු පිරිසක් පාර්ලිමේන්තුවේ හිටියා. කවදත් ඉන්නවා. ඒ තත්ත්වය උඩ විශ්‍රාම වැටුප කැපීම ගැන හරි කණගාටුදායකයි.”

ත්‍රීරෝද රථ රියදුරු මරා දමා රිය පැහැරගත් සැකකරු කොටු

ත්‍රීරෝද රථ රියදුරු මරා දමා රිය පැහැරගත් සැකකරු කොටු

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්