පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක්ගේ සුන්දර බව දකින මනෝවිද්‍යාත්මක කරුණු 5ක්
කෙනෙක්ව ජීවිත කාලයම ළඟ තියාගන්න වගේම පෙම්වතෙක් සැමියෙක් තමන්ගේ පෙම්වතියගෙන් බිරිඳගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැනත් ඔබවට දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්න සුදානම් වන්නේ පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක්ගේ ආකර්ශනීයවම දකින මනෝවිද්‍යාත්මක කරුණු 5ක් ගැන.
1.දැක්ක ගමන් වශීවෙන ස්ත්‍රීත්වය
කාන්තාවන් ශක්තිමත් පිරිමින්ට කැමති කියන එක රහසක් නෙවෙයිනේ.හැබැයි ඉතින් අද කාලේ නම් අපිට ඒ වචනය ගැන වැරදි අර්ථකතනයක් තමයි අහන්න ලැබෙන්නේ. පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක්ට කැමති වෙන ප්‍රධානවම බලපාන්නේ ගැහැණුන්ගේ තියෙන ස්ත්‍රීත්වය. හැම පිරිමියෙක්ම කැමති බලවත් ගැහැණු පෙනුමක් තියෙන කාන්තාවක් තමන්ගේ කරගන්න. එහෙම කාන්තාවක් ආත්ම අභිමානයෙන් පිරිසක් අතරට ඇතුල් වෙද්දී එතන ඉන්න ඔක්කොම අය එයා දිහා හැරිලා බලනවා. ඒක එයාගේ රූපයේ නෙවෙයි සමහරවිට එයා ඇදන් ඉන්න ආකර්ශනීය ඇඳුමෙන් නැත්නම් එයාගේ දිග කොන්ඩෙන්, හිනාවෙන් වෙන්න පුළුවන්. මොකක් වුණත් පිරිමියෙක්ට දෙපාරක් හැරිලා බලන්න වටිනා දෙයක් ඔයා ළඟ තියෙනවා නම් ඔයාගේ ආදරේ කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ.
2.කරුණාවන්තබාවය
කරුණාවන්ත බව කියන්නේ ගැහැණු කෙනෙක්ට ස්වභාවයෙන්ම ලැබෙන දෙයක්. ඉතින් ඔයාට ඒ ලැබිලා තියෙන දේ පාවිච්චි කරන්න. පර්යේෂණවලට අනුව පිරිමි කැමති කරුණාවන්ත, සංවේදී, තමන්ව අම්මා කෙනෙක් වගේ රැකබලා ගන්න ගැහැණු කෙනෙක්ට. තමන්ගේ ජීවිතේ අමාරුම කාල වලදී තමන්ව ආදරෙන් රැකබලා ගන්න පුළුවන් බව හැඟෙන ගැහැණු අයට පිරිමි ආකර්ෂණය වෙනවා වැඩියි. කාන්තාවන්ට පුළුවන් හොඳින් සවන් දෙන්න.
ඉතින් ඔයාට පුළුවන් නම් එයාගේ හිතේ හැංගිලා තියෙන හැමදේම විශ්වාසයෙන් කියන්න පෙළඹෙන තරමට ඔයාගේ ආදරේන් ඒ දේවල් එළියට ගන්න ඔයා සාර්ථකයි වගේම ඔයාලගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න ඒක ප්‍රබල සාධකයක් වෙනවා.
3.කාර්යශීලි සහ විනෝදකාමීත්වය
කවුද කැමති නැත්තේ කාර්යශීලි වගේම විනෝදකාමීව ඉන්න කෙනෙක්ට. කාන්තාවනුත් කැමතිනේ එහෙම පිරිමි කෙනෙක්ට. හැමතිස්සෙම එයා ඔයාව හිනස්සනකන් ඉන්න එපා. විනෝදකාමී කාන්තාවක් වෙන්න පොඩි උත්සහයක් ගන්න.
පිරිමි කැමති කෙල්ලෙක් වගේ පේන ඒත් පිරිමියෙක් වගේ හිනාවෙලා ඉන්න ගැහැණු කෙනෙක්ට. ඉතින් කවුරුත් කැමති නැහැනේ නිතරම වැඩ කර කර බැරෑරුම් විදියට ඉන්න කෙනෙක්ට. ඒක නිසා අනිවාර්යෙන්ම පොඩි සෙල්ලක්කාර විනෝදජනක පැත්තක් ඔයාගේ ජිවිතේ තියාගන්න. හිනාවෙන්න හිනස්සන්න ජීවිතේ විඳින්න.
4.බුද්ධිමත් කාන්තාවක් වීම
අපේ මනස කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඔයාගේ මානසික හැකියාව, මානසික ත්‍රීව්රතාවය වර්ධනය කරගැනීම මේ දවස්වල ගොඩක් දෙනෙක් දකින්නේ ගොඩක් ආකර්ශනීය දෙයක් විදියට. කවුරුත් කැමති නැහැ මෝඩයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්න. අලුත් දේවල් ඉගෙනගන්න කැමති කෙනෙක් බවට පත්වෙන එක, ලෝකේ තියෙන තාක්ෂණය සහ අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ප්‍රිය කරන කෙනෙක් බවට පත්වෙන එක ඔයාට පිරිමි කෙනෙක්ගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් ලැබෙන්න හේතුවක් වෙනවා.
5.පවුලට තියෙන ආදරය
පිරිමි ගැහැණු කියන්නේ හාත්පසින්ම වෙනස් දෙන්නෙක්. ඒ වෙනස්කම් හඳුනාගන්න එක ආදරය වැඩිවෙන්න සම්බන්ධතාවයන් ශක්තිමත් වෙන්න හේතුවෙනවා. පිරිමියා තුල ස්වාභාවධර්මයෙන් ජාන තුලම තියෙන කරුණක් ගැන තමයි මේ කියන්න හදන්නේ ඒ කියන්නේ පිරිමි කෙනෙක් තුළ ඇති තමන්ගේ පවුලට සපයන්න කන්න බොන්න අඳින්න දෙන්න සහ ඒ අයගෙන් ගෞරවය ලබාගන්න තියෙන ආශාව සඳහා ඔහු තුලම ඇති ජීව විද්‍යාත්මක තල්ලුව ගැන.
ඉතින් මේක සම්බන්ධතාවයකදීත් එහෙම තමයි. ආදර සම්බන්ධතාවයකදී පිරිමි ළමයි කැමති තමන්ගේ ගෑණු ළමයව ආරක්ෂා කරලා එයාට හොඳින් සලකලා එයාගේ ආදරය දිනාගන්න එයාගේ වීරයා වෙන්න. මෙතනදී ගැහැණු ළමයෙක් විදියට ඔයා දැනෙන්න සලස්වන්න ඕන එයාව ඔයාට අවශ්‍යයි කියලා.
පුංචි පුංචි දේවල් වලට එයාගෙන් උදව් ඉල්ලන්න. එයාගේ ජයග්‍රහණ සමරන්න. එයාට පෙන්නන්න එයා තමයි එකම කෙනා කියලා. එයාට ඔයා වෙනුවෙන් දේවල් කරන්න සතුටු කරන්න ඉඩ දෙන්න ඕන. මේකෙන් කියන්නේ නෑ ඔයා දුර්වල වෙන්න ඕන එයා මතම යැපෙන්න ඕන කියලා. යම් තරමකින් හැමදේම පවත්වා ගන්න දක්ෂ වෙන්න.