කාන්තාවක් සිදු කළ වැඩක් හසුවෙයි.

By Sithumi Dec 02, 2021 11:13 AM GMT
Sithumi

Sithumi

Report

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මුදල් සංසරණයට උදව්කළ කාන්තාවක් අද (02) පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී එම 29 හැවිරිදි කාන්තාව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය බාරයට ගෙන තිබුණි. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු "මිදිගම නඳුන්" නොහොත් "හරක් කටා" ලෙස පොලීසිය විසින් හඳුනාගෙන තිබේ. 

එම පුද්ගලයා 2020 වර්ෂයේ මාස පහක කාලයක් තුළ හෙරොයින් කිලෝ 720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සහ නවීන පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල 20ක් මෙරටට එවා ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW