සජබෙන් පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් - මාලිමා අමාත්‍යවරයෙක් ධුරයෙන් නෙරපීමට සුදානමක්

Report

හෙට දින පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් භාරදීමට සමගි ජන බලවේගය සුදානම්ව සිටී.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද? විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද? විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි

ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට විරුද්ධවයි.

එයට අනුව මෙම විශ්වාස භංග යෝජනාව හෙට සදුදා දින කතානායකවරයාට භාර දෙන බව සමගී ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

මෙලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට හේතුව පාස්කු ඉරුදින ප්‍රහාරය අවස්ථාවේදී නැගෙනහිර පළාත් භාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ මොහුය.

මාරාන්තික ලෙඩක් ලංකාව තුල ශීඝ්‍ර ලෙස වර්ධනයක්

මාරාන්තික ලෙඩක් ලංකාව තුල ශීඝ්‍ර ලෙස වර්ධනයක්

මෙවැනි අවස්ථාවක පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන විට ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම එම පරීක්ෂණවලට බාධාවක් විය හැකි බව සමගී ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක් ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කිරීම යන සියලු සාධක හේතුවෙන් මෙලෙස විශ්වාස භංගය හෙට දින ඉදිරිපත් වීමට නියමිතය.